Saturday, May 29, 2010

Friday, May 28, 2010

ඇද උඩ වික්රමය


කොට්ටෙ ඉතින් උඹ තරහද
ගුලිකරලා පොඩි කෙරුවට
මට ඉන්නේ උඹ විතරයි
තුරුලු කරන් ලඟට ගන්න

අනික් කොට්ටෙ උඹ තරහද
කදුළු වලින් පෙඟෙව්වාට
කවුරුත් නෑ ලේන්සුවෙන්
මගෙ කදුලැලි පිසලන්නට

bed sheet එක උඹ තරහද
ගුලි කරලා විසි කෙරුවට
හිතේ තියන මේ දුක් ගිනි
පිටකරන්නෙ වෙන කොහොමද........???????????

Tuesday, May 18, 2010

මගේ love එක









නින්ද ගියෙ ඔබ එක්ක
අවදි වුනෙ ඔබ එක්ක
ඒත් ඇස් අරියාම
කොට්ට විතරයි......

කතා කලෙ ඔබ එක්ක
හිනා වුනෙ ඔබ එක්ක
ඒත් දැන් බැලුවාම
හීන විතරයි........

එයා දැන් කාලාද
මම ගැනත් හිතනවද
හිත හිතා හිටිකාලෙ
ඉතින් ඉවරයි........

ඇත්ත දැනගත් දාක
ඔබ හිතින් ලතැවේද
මගේ සිත විමසන්නෙ
ඒක විතරයි.........