Sunday, September 25, 2011

Book fair කවි

අප්පටසිරි... මේකෙ කාලෙකින් මොනවත් දාල නෑ නෙ... පුන්චි පහේ කවි ටිකක් වත් දාල තියන්නම් පාලු වෙලා යනවට. පහුනු දොහේ අපි ගියානෙ BMICH, බුක් ෆෙයා එක බලන්න.

last ගුරුදා
අපි ගිහින් book fair

ඇවිද සැමතැන ගියා
සොඳුරු පියකරු රූ සොය සොයා



රුවද..
රූ දෙක තුනද...
නිච්චි නැහැ හරියටම

sweet-hot babies
පහුවුණා සැම විටම


ගත්ත පොත්
ගෙන කරට
කට ළඟට
බණ්ඩිගෙඩි
පුරවගෙන
අපි උන්නෙ යන ගමන්
පිටව යන දොර දෙසට

දුටුව!!!


straight කළ කෙස්ස
දැඟලුවට වහගන්න
පලපුරුදු ඇස් මගේ
හැදිනියා...
කවිකුරු සමඟ
නටන තොල් පෙති



අලවලා නික්මගිය
ඇයවගෙම ඇගෙ කවිය
කොයිතරම් සුන්දරද

ඒත්...

ඒ කවිය
එයාගේ
අති උතුම් පෙම ගැනලු!!!



Wednesday, April 13, 2011

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!


හද තුල පැතුම් ඉටුවී සතුටක්           ගෙනෙනා..
අරඹන සියළු වැඩ නියමෙට නිම     කෙරෙනා..
මිතුරන්, යහළුවන්, තව තව වැඩි     කෙරෙනා..
මල් මල් එකක් වේවා වසරත්               ලබනා...

( තව ටිකකින් ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කාට කාටත් කිරි පැණි උතුරන, ටොෆි හම්බවෙන්නෙ නැති, බාල්දි නොපෙරලෙන,........... සෞභාග්‍යමත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!! මට නිදිමතයි. මම යනව දොය්යන්න. :D )

Saturday, February 19, 2011

ඒක පාර්ශවික ආදරය...

"මේකත් හරියට ආදරය වගේ... කවුරු හරි, කාට හරි, ආදරය කරන්නෙ අනිත් කෙනා එයාට ආදරය කරනවනම් විතරයි".

සර් මේ කතාව මෙහෙම කියනව මට තාම මතක chemistry class 1කේ ඔක්සිකරන-ඔක්සිහරන(red-ox) ප්‍රතික්‍රියා ගැන කියල දෙන වෙලාවෙ කියපු නිසා නෙවෙයි. මේකට පස්සෙ කියපු ඒක පාර්ශවික ආදරය ගැන කතාව නිසයි.

"ඉලෙක්ට්‍රෝන දෙන්න නම් ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් ඉන්න ඕනි. ඉලෙක්ට්‍රොන ගන්නත් ඉලෙක්ට්‍රෝන දෙන්න කෙනෙක් ඉන්න ඕනි. මේ දෙක එක වෙලවෙ සිද්ද වෙන්නෙ නැත්නම් red-ox ප්‍රතික්‍රියා වෙන්නෙ නෑ. හරියට ඒක පාර්ශවික ආදරය වගේ".

මෙහෙම කියපු සර්, ඊළගට කියනව ඒක පර්ශවික ආදරය කියන්නෙ බොරුවක් ලු. ඒක කරන කට්ටියට පිස්සුලු.


මෙකතාව ඇහුවට පස්සෙ තමයි අවුරුදු 3ක් තිස්සෙ සර්ට, බුදු සර් කියාගෙන හිටපු මටත් හිතුනෙ යකෝ මූට කොයිල් ද කියල. මේක මේ වටින් ගොඩින් කියාගෙන එන්නෙ මට පිස්සු කියල නෙ බොලේ.

ඉපදිලා අවුරුදු 20ක් විතර ගත වෙලත් දෙය්යනේ කියල මම කරල තිබුනෙ ඒ ජාතියෙ ආදරේ විතරයි. ඒකටත් මෙයා කියනව පිස්සුලු....

අහන අහන හැම කෙල්ල බෑ කිව්වට මම මොනව කරන්නද? ඒ හැමොටම කොල්ලො හිටියට මම පලිද?

නෑ නෙ...

මටනම් හිතෙන්නෙ chemistry ගැන කොච්චර දැනගත්තත් ආදරය ගැන සර් කියපු කතව ඇත්ත වෙන්න බෑ.

තමන් කාට හරි ඇත්තටම කැමතිනම්, ඒ මනුස්සය නැතුව ඉන්න බෑ වගේ නම්. ඒක තම ආදරය. එහෙම කියල එයාව අයිති කරගන්න ඕනි නෑ... එයා කැමති කෙනෙක් තෝර ගන්න එයාට ඉඩ දීල එය එක්ක ෆිට් එකේ ඉන්න පුලුවන් නම් ඒ හොදටම ඇති.

කවද හරි එයාට ඕනි වෙලා ආපහු එනවනම් ඒක වෙනම කතාවක්. ඒත් එතකම් එයාටත් වදයක් නොවී එහෙම බලන් ඉන්න එක හොඳයි වෙන කෙනෙක් ට බොරුවට ලීලෙ පෙන්න්නන්න යනවට වඩා.

මට හිතෙන විදියට ඒකට තමයි කියන්නෙ ඒක පර්ශවික ආදරය කියල. ඉතින් ඒකත් සුන්දර නැද්ද? ටිකක් වෙදනාත්මක තමා... එහෙමයි කියල ඒක කරන උන්ට පිස්සුයි කියල කියන්න පුලුවන්ද?

Friday, November 26, 2010

Hacked Calculator Prank!

Bloody Stapler Prank!