"මේකත් හරියට ආදරය වගේ... කවුරු හරි, කාට හරි,
ආදරය කරන්නෙ අනිත් කෙනා එයාට
ආදරය කරනවනම් විතරයි".
සර් මේ කතාව මෙහෙම කියනව මට තාම මතක chemistry class 1කේ ඔක්සිකරන-ඔක්සිහරන(red-ox) ප්‍රතික්‍රියා ගැන කියල දෙන වෙලාවෙ කියපු නිසා නෙවෙයි. මේකට පස්සෙ කියපු
ඒක පාර්ශවික ආදරය ගැන කතාව නිසයි.
"ඉලෙක්ට්‍රෝන දෙන්න නම් ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් ඉන්න ඕනි. ඉලෙක්ට්‍රොන ගන්නත් ඉලෙක්ට්‍රෝන දෙන්න කෙනෙක් ඉන්න ඕනි. මේ දෙක එක වෙලවෙ සිද්ද වෙන්නෙ නැත්නම් red-ox ප්‍රතික්‍රියා වෙන්නෙ නෑ. හරියට
ඒක පාර්ශවික ආදරය වගේ".
මෙහෙම කියපු සර්, ඊළගට කියනව
ඒක පර්ශවික ආදරය කියන්නෙ බොරුවක් ලු. ඒක කරන කට්ටියට පිස්සුලු.
මෙකතාව ඇහුවට පස්සෙ තමයි අවුරුදු 3ක් තිස්සෙ සර්ට,
බුදු සර් කියාගෙන හිටපු මටත් හිතුනෙ යකෝ මූට
කොයිල් ද කියල. මේක මේ වටින් ගොඩින් කියාගෙන එන්නෙ මට පිස්සු කියල නෙ බොලේ.
ඉපදිලා අවුරුදු 20ක් විතර ගත වෙලත් දෙය්යනේ කියල මම කරල තිබුනෙ ඒ ජාතියෙ
ආදරේ විතරයි. ඒකටත් මෙයා කියනව
පිස්සුලු....
අහන අහන හැම කෙල්ල
බෑ කිව්වට මම මොනව කරන්නද? ඒ
හැමොටම කොල්ලො හිටියට මම පලිද?
නෑ නෙ...
මටනම් හිතෙන්නෙ chemistry ගැන කොච්චර දැනගත්තත්
ආදරය ගැන සර් කියපු කතව ඇත්ත වෙන්න බෑ.
තමන් කාට හරි ඇත්තටම කැමතිනම්, ඒ මනුස්සය නැතුව ඉන්න බෑ වගේ නම්. ඒක තම
ආදරය. එහෙම කියල එයාව
අයිති කරගන්න ඕනි නෑ... එයා කැමති කෙනෙක් තෝර ගන්න එයාට ඉඩ දීල එය එක්ක
ෆිට් එකේ ඉන්න පුලුවන් නම් ඒ හොදටම ඇති.
කවද හරි එයාට ඕනි වෙලා ආපහු එනවනම් ඒක වෙනම කතාවක්. ඒත් එතකම් එයාටත්
වදයක් නොවී එහෙම බලන් ඉන්න එක හොඳයි
වෙන කෙනෙක් ට බොරුවට ලීලෙ පෙන්න්නන්න යනවට වඩා.
මට හිතෙන විදියට ඒකට තමයි කියන්නෙ
ඒක පර්ශවික ආදරය කියල. ඉතින් ඒකත්
සුන්දර නැද්ද? ටිකක් වෙදනාත්මක තමා... එහෙමයි කියල ඒක කරන උන්ට පිස්සුයි කියල කියන්න පුලුවන්ද?